ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

නික් ඇකර් සහ රසල් ස්ක්‍රග්ස් (කනිෂ්ඨ), එක්සත් ජනපද තැපැල් කම්කරුවන්ගේ මරන පිලිබඳ කම්කරු පරීක්ෂනයක් සඳහා!

මෙම මරන අනිවාර්ය බවට පත් කෙරෙන, වැඩපොලවල පවත්නා සංගත ආඥාදායක පාලනයට එරෙහි ප්‍රහාරයකට යාමටත්, තමන්ගේ ම ආරක්ෂාවට අවශ්‍ය දැනුමින් කම්කරුවන් සන්නද්ධ කිරීමටත්, දූෂිත වෘත්තීය සමිති නිලධරයන් නො ව, කම්කරුවන් විසින් ම සංවිධානය කරනු ලබන පරීක්ෂනයක් අවශ්‍ය වේ.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

බලශක්ති ඇමතිගේ තර්ජනයට විරුද්ධ වෙනු! ආන්ඩුවේ ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලට එරෙහි ව සටන් වැදීමට ලංවිම ක්‍රියාකාරී කමිටු පිහිටුවනු!

ලංවිම ප්‍රතිව්‍යුහකරනයට එරෙහි අරගලය ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමන, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි පුලුල් අරගලයක කොටසකි. ඒ සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සමස්ත කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කල යුතු ය.

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය

මිචෙලින්-සියැට් බහුජාතික සමාගම් සහ අසසේස අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී ගිවිසුම ප්‍රතික්ෂේප කරනු

කම්කරු පන්තියට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කල හැක්කේ, වෘත්තීය සමිති නිලධරයන්ට ඉඩ නොදී, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් බිඳී, තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, තම ස්වාධීන ශක්තිය බලමුලුගන්වා ගතහොත් පමනි.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය සහ සමාජවාදී සමානතා පක්ෂය

ගුරුවරුනි, විදුහල්පතිවරුනි,

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!

මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

නික් ඇකර් සහ රසල් ස්ක්‍රග්ස් (කනිෂ්ඨ), එක්සත් ජනපද තැපැල් කම්කරුවන්ගේ මරන පිලිබඳ කම්කරු පරීක්ෂනයක් සඳහා!

මෙම මරන අනිවාර්ය බවට පත් කෙරෙන, වැඩපොලවල පවත්නා සංගත ආඥාදායක පාලනයට එරෙහි ප්‍රහාරයකට යාමටත්, තමන්ගේ ම ආරක්ෂාවට අවශ්‍ය දැනුමින් කම්කරුවන් සන්නද්ධ කිරීමටත්, දූෂිත වෘත්තීය සමිති නිලධරයන් නො ව, කම්කරුවන් විසින් ම සංවිධානය කරනු ලබන පරීක්ෂනයක් අවශ්‍ය වේ.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

වරායේ ජවිපෙ වෘත්තීය සමිතියේ සම්මේලනය ආන්ඩුවේ අයිඑම්එෆ් ප්‍රහාරයන්ට කම්කරුවන් යටත් කිරීමේ වෑයමක්

“ජාතික ආර්ථිකය” ශක්තිමත් කිරීම යනු කම්කරුවන්ගේ වියදමින් ධනපතියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

විලානි පීරිස්

එක් සතියක් තුල ශ්‍රී ලංකාවේ කම්කරුවන් දෙදෙනෙක් කාර්මික අනතුරුවලින් මිය යති

සහෝදර කම්කරුවෙක් මෙසේ කීවේ ය: “අපි අසනීප ව සිටියත්, අපිට තුවාල සිදු වුනත්, යන්ත්‍රයකට හසු වී විජයකුමාර් මෙන් මිය ගියත්, ඔවුන්ට එය ගනනක් නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ, අපි මරවා මුදල් හම්බ කර ගැනීම යි.”

පානි විජේසිරිවර්ධන

ආන්ඩුව වෘත්තීය සමිති නායකයින්ගේ සහායෙන් විදුලිබල මන්ඩලය සමාගම්වලට බිඳ වෙන් කිරීම අරඹයි

ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ සටන, එම කප්පාදු වැඩපිලිවෙලට සම්පූර්නයෙන්ම සහාය දෙන වෘත්තීය සමිති නිලධරයන් යටතේ කල නොහැක. වෘත්තීය සමිති නායකයින් විසින් ලංවිම සේවකයින් පාවා දීම සියලුම කම්කරුවන්ට දැඩි අනතුරු ඇඟවීමකි.

විමල් පෙරේරා
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.